දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනවසරයෙන් මගී ප්‍රවාහනයේ යෙදුනු බස් රථ දෙකක් ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇත. එම බස් රථ දෙකේ බලපත්‍ර තාවකාලිකව අත්හිටුවිමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන අධ්‍යක්ෂ චන්ද්‍රසිරි වීරසේකර මහතා පවසන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ මගින් නීති විරෝධී ලෙස මගීන් රැගෙන යන බවට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.
කෙසේ වෙතත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහනයේ යෙදන බස් රථවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
4









