තැඹිලිගෙඩියක හැඩයකින් යුත් නිධන් වස්තුවක් සමග සැකකරුවන් පිරිසක් අත් අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී තැඹිලිගෙඩියක හැඩයකින් යුත්, රන්ගුලික් වෙනුවට, ඒ හා සමාන තඹ ගුලියක් අධිකරණයට ඉදිරිපත් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රනජයපුර පොලිස් මුර පොළේ ස්ථානාධිපතිවරයා අතුළු නිලධාරීන් 7 දෙනෙකු ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කැකිරාව මහේස්ත්‍රාත් වරයා ඊයේ (13) නියෝග කර ඇත.
පොලිස් නිලධාරීන්ට එරෙහිව ඇති චෝදනා වූයේ මහේස්ත්‍රාත් අධිකරණය නොමග යැවීමයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසන්නේ, එම සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
14









