කෝටි 4ක් රජයට පාඩු කර ඇතැයි, ඇමති ජොන්ස්ටන්ට එරෙහිව ඇති නඩුව ජනවාරියට කල් යයි

කෝටි 4ක් රජයට පාඩු කර ඇතැයි, ඇමති ජොන්ස්ටන්ට එරෙහිව ඇති නඩුව ජනවාරියට කල් යයි

සතොස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු නිල රාජකාරි කටයුතුවලින් බැහැරකර දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රජයට කෝටි 4ක පාඩුවක් සිදුකර ඇතැයි, පැවති මහින්ද රාජපක්ෂ රජයේ වෙළඳ අමාත්‍ය, වත්මන් රජයේ මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුව, ලබන වසරේ ජනවාරි 20 වැනිදා තෙක් කල්තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(29) නියෝග කර තිබේ.

ඇමතිවරයා වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ පවසා ඇත්තේ මෙම නඩුව අත්හිටුවීමට අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවය.

එම කරුණු සලකා බැලූ විනිසුරුවරිය, මෙම නඩුව ලබන ජනවාරි මස 20 වැනිදා කැඳවන ලෙස නියෝග කර ඇත.

2010 සහ 2014 යන වසරවලට අදාල කාලසීමාව තුළ ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි 04ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්