පාර්ලිමේන්තු සැසිවාරය වාර අවසාන කිරීමක් ආණ්ඩුව සූදානම් වන බවට තොරතුරු අනාවරණය වේ.
ජලසම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රකාශයකින් මේ බව අනාවරණ්‍ය වන අතර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ වත්මන් පාර්ලිමේන්තු සැසිවාරය අවසන්කර නව සැසිවාරය දෙසැම්බර් මස 10-12 අතර දිනෙක දී ආරම්භ වනු ඇති බවයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
මූලාශ්‍ර lankafirstnews.lk
3










