උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථාතත්වයට

උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථාතත්වයට

යාල්දේවි දුම්රිය පීලි පැනීම හේතුවෙන් අවහිරවී තිබූ උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්වයට පත්කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

ඒ අනුව අද(29) උදෑසන සිට සාමාන්‍ය දුම්රිය කාලසටහන ක්‍රියාත්මක වේ.

පසුගිය 27 වැනිදා යාපනයේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ යාල්දේවි දුම්රිය, උතුරු දුම්රිය මාර්ගයේ ගල්ගමුව සහ අඹන්පොල අතරදී පීලි පැනීමකට ලක්විය.

දුම්රිය නැවත පීලිගතකර හානි වූ දුම්රිය මාර්ගය පිලිසකර කිරීම මේ වනවිට අවසන්ව ඇති අතර ඒ දක්වා ගතවූ කාලය තුළ දුම්රිය වාර කිහිපයක් අවලංගුකිරීමටත් දුම්රිය ධාවන කාල සටහන වෙනස්කිරීමටත් සිදුව තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්