බැසිල්ගේ ලිත් නඩුව 2020ට කල් යයි

බැසිල්ගේ ලිත් නඩුව 2020ට කල් යයි

පැවති රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්‍ෂ මහතාට සහ දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එරෙහි ලිත් නඩු විභාගය ලබන වසරේ මාර්තු 30 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (28) නියෝග කර තිබේ.

ජනාධිපතිවරණ පනතට පටහැනි වන ආකාරයට 2015 ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුලත්කර දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ මුදලින් ලිත් ලක්‍ෂ 50ක් මුද්‍රණයකර රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කළ බවට ඔවුන් චෝදනා ලබා සිටිති.

මෙම නඩුව සම්බන්ධයෙන් විත්තිකාර බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් උපදෙස් ලබාගැනීමට නොහැකි වු බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා එලෙස එම නඩුව ලබන වසරේ මාර්තු 30 වැනිදා දක්වා කල් තැබීමට කටයුතු කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්