රෝයල් පාර්ක් සිද්ධියේ ඝාතකයාට ජනාධිපති සමාව දීමට එරෙහි පෙත්සම සලකා බැලීම හෙට (29)

රෝයල් පාර්ක් සිද්ධියේ ඝාතකයාට ජනාධිපති සමාව දීමට එරෙහි පෙත්සම සලකා බැලීම හෙට (29)

රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරුට අධිකරණයෙන් නියමකර තිබූ මරණ දඬුවම අහෝසිකර ඔහු නිදහස්කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය මඟින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් එම විත්තිකරු යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතකිරීමට නියෝග කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති, රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරු දොන් ශ‍්‍රාමන්ත ඇන්තනී ජයමහ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ආගමන විගමන පාලක ඇතුළු 10 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

ගොනු කර ඇති එම පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වන්නේ…

‘‘දෙවැනි වගඋත්තරකරු රෝයල් පාර්ක් ඝාතන නඩුවේ විත්තකරු වේ. ඔහුට නියමකර ඇති මරණ දඬුවමෙන් නිදහස් කිරීම සඳහා ජනාධිපති සමාව ලබා දී ඇති බව මාධ්‍ය මඟින් දැන ගන්නට ලැබිණි.

ජනාධිපතිවරයාට මෙවැනි සමාවක් ලබා දීමට බලයක් තිබුණද අමානුෂික මිනීමැරුමක විත්තිකරුවකු වන දෙවැනි වගඋත්තරකරුට සමාව නොදිය යුතුව තිබිණි.

මෙයින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවේ. එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසද, තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

එසේම දෙවැනි වගඋත්තරකරුට රටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙම පෙත්සම් විභාගය නිමවන තුරු ජනාධිපති සමාව දීම අත්හිටුවන ලෙසද පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්