ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගැනීම සහ රඳවාගෙන ප්‍රශ්නකිරීම සම්බන්ධ සිද්ධිය, බරපතල කරුණක් සේ සළකා අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර තිබේ.
මෙම සිද්ධිය අපරාධ සිදුවීමක් යැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
ඒ අනුව විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා අදාල ක්‍රියාපටිපාටිය අනුගමනයකිරීමට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය ද ඉල්ලා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
මීට අමතරව සිද්ධිය සහ විමර්ශන කටයුතු සම්බන්ධව ස්විටර්ලන්ත බලධාරීන් දැනුවත්කිරීම සඳහා ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ස්විස්ටර්ලන්තය වෙත ගොස් ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.
රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් පවතින වියානා සම්මුතියට අනුව ශ්‍රී ලංකා රජය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සුමටව පවත්වාගෙන යෑම සඳහා කැපවී සිටින බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් විය.
ස්විස්ටර්ලන්ත තානාපති නිලධාරිනිය පැහැරගැනීමකට ලක්ව ඇතැයි රාජපක්ෂ ආණ්ඩුව පිලිගෙන තිබෙන බව මෙම නිවේදනය අනුව පැහැදිළි ව්.










