වත්කම් උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකිවූ රාජ්‍ය අමාත්‍ය රෝහිතට එරෙහි නඩුව කල්යයි

වත්කම් උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකිවූ රාජ්‍ය අමාත්‍ය රෝහිතට එරෙහි නඩුව කල්යයි

නිත්‍යනූකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 41.1කට අධික මුදල් හා දේපළවල හිමිකරුව සිටින මහින්ද රාජපක්ෂ රජයේ වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති, වත්මන් රජයේ බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 18 වැනිදා තෙක් කල් තබා තිබේ.

මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ සිද්ධියට අදාල නඩුව අද(28) කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය සිදුකර ඇත.

2004 මාර්තු මස 31 වැනිදාත් 2006 මැයි මස 31 වැනිදාත් අතර කාලය තුළ සිය නීත්‍යනූකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි මෙන්ම උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා වත්කම්වල හිමිකරුව සිටින ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්