පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය අහෝසිකරයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය අහෝසිකරයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය අහෝසි කිරීමට තීරණයකර ඇතැයි වාර්තා වේ.

අද (28) රැස්වූ ජාතික පොලිස් කොමිශන් සභාවේදී මෙම තීරණය ගෙන ඇති අතර එම ධුරය හෙබවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත්කිරීමට ද තීරණයකර ඇත.

70 දශකයේදී ශ්‍රී ලංකා පොලිසිය මහජන සම්බන්ධතා කොට්ඨාසය ආරම්භ කළ අතර ඉන්පසු 90 දශකයේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර ඇතිකරනු ලැබීය.

2015 අවුරුද්දේදී පොලිස් මාධ්‍ය ඒකකය පොලිස් මාධ්‍ය කොට්ඨාසයක් ලෙස ගැසට් කිරීමට එවකට පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා කටයුතු කළේය.

රුවන් ගුණසේකර මහතාට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ අජිත් රෝහණ මහතා කටයුතු කළේය.

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවතීම මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතන වෙත අවශ්‍ය තොරතුරු දැනගැනීමට මහත් පිටුවහලක් වූ අතර මෙලෙස එම කොට්ඨාසය අහෝසි කිරීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් ලෙසද සැලකිය හැකි ය.

Facebook
Twitter
LinkedIn