පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 57 දෙනෙකු අත්සන් තබන ලද ලිපියක් ඊයේ(27) දින කතානායකවරයා වෙත භාරදී ඇතැයි කතානායක කාර්යාලය නිවේදනය කරයි.
එම මන්ත‍්‍රීවරු 57 දෙනාගේ ඉල්ලීම පිළිබඳවද අවධානය යොමුකර, එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නිල වශයෙන් තමා වෙත දැනුම් දෙන ලෙස කතානායකවරයා එම පක්‍ෂ මහලේකම්වරයාට දැනුම් දී ඇතැයි කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ දැක්වේ.
එසේම මේ වනවිට විපක්ෂ නායක ධුරය සඳහා එකිනෙකට විරුද්ධ මත දෙකක් ඉදිරිපත්ව ඇති බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සාකච්ඡා කොට අවසන් එකඟතාවයකට පැමිණ ගනු ලබන තීරණයක් තමාවෙත නිල වශයෙන් දැනුම්දුන් පසු එය කතානායකවරයා විසින් ප්‍රකාශයට පත්කරන බවත් කතානායක කාර්යාලය සඳහන් කරයි.
එම නිවේදනය පහත දැක්වේ…
8











