හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ලිහිල් කර තිබේ.
2015 ජනාධිපතිවරණ සමයේ ජනාධිපතිවරණ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ පනහක්, දිවිනැගුම අරමුදලට අයත් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක් වියදම් කොට මුද්‍රණය කර බෙදාහැරීම මගින් රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කර ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින නඩුව අද(28) කැඳවා තිබිණි.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා සඳහන් කර ඇත්තේ තම සේවාදායකයාට සෞඛ්‍ය හේතුමත විදේශගතව ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍යව ඇති බවත් ඒ සඳහා දෙසැම්බර් මස 5 වැනිදා සිට ලබන වසරේ මාර්තු මස 6 වැනිදා දක්වා කාලසීමාව තුළ, දැනට පනවා ඇති විදෙස් ගමන් තහනම ලිහිල් කරන ලෙසත් ය.
ඒ සඳහා රජයේ නීතීඥවරයා විරෝධතාවයක් නොදක්වා ඇති අතර පසුව එම කාලය තුළ විදෙස්ගතවීමට බැසිල් රාජපක්ෂ මහතාට අධිකරණය අවසර ලබාදී ඇත.










