දකුණු පළාත් සභාවේ අධිකාරි 5ක සභාපතිවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි දැනුම්දීමක්

දකුණු පළාත් සභාවේ අධිකාරි 5ක සභාපතිවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි දැනුම්දීමක්

දකුණු පළාත් සභාව යටතේ පවතින අධිකාරී පහේ සභාපතිවරුන්ට අද(28) දින සිට සිය තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් බව, දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ඒ.යූ. වේලාරත්න මහතා පවසයි.

ඒ අනුව දකුණු පළාත් සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන අධිකාරිය, දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, රුහුණු සංචාරක කාර්යංශය  යන ආයතනවල සභාපතිවරුන්ට ඉල්ලා අස්වන ලෙස වාචිකව දැනුම් දුන් බව දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා පවසයි.

ඉදිරියේ දී නව සභාපතිවරුන් පත්කරගැනීමේ අරමුණින් මෙම දැනුම්දීම සිදුකළ බවත් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේපකරන සභාපතිවරුන් ඉවත්කිරීමේ බලය ආණ්ඩුකාරවරයා සතුව පවතින බවත් ආණ්ඩුකාර ලේකම්වරයා සඳහන්කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්