ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා, අග්‍රාමාත්‍ය උපදේශක තනතුරට පත්කර තිබේ.
ඊයේ(27) පැවති පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම තනතුරට පත්කිරීමට අනුමැතිය හිමිවී ඇත.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ 2006 – 2015 කාලය තුළ 12 වැනි මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළේ ද අජිත් නිවාඩ් කබ්රාල් මහතා ය.
38









