ධවල මන්ධිරය වසා දැමුයේ කුරුළු රෑනක් බවට සැකයක්

ධවල මන්ධිරය වසා දැමුයේ කුරුළු රෑනක් බවට සැකයක්

ඇමරිකාවේ වොෂින්ටන් ගුවන් කලාපයට පසුගිය දා ඇතුළු වී ඇතැයි සැකකළ යානය, ඩ්‍රෝන යානයක් හෝ කුරුළු රෑනක් වියහැකි බවට මේ වනවිට එරට ආරක්ෂක අංශ සැක පළකරයි.

ඇමරිකානු ජනාධිපතිවරයා ධවල මන්ධිරයේ රැදී සිටි අවස්ථාවක, හඳුනා නොගත් යානයක් වොෂින්ටන් ගුවන් කලාපයට ඇතුළු වී ඇතැයි රේඩාර් මගින් තහවුරුවීමත් සමඟ එරට ආරක්ෂක අංශ ධවල මන්දිරය වසා දැමීමට කටයුතු කළේය.

එසේම ආරක්ෂාව තර කර ප්‍රහාරක ජෙට් යානා කිහිපයක් ද ගුවන් ගතකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව විමර්ශනය කළ කණ්ඩායම් ප්‍රකාශ කර ඇත්තේ එවැනි යානයක් සම්බන්ධව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් රේඩාර් පද්ධතියේ සටහන් වන්නට ඇත්තේ ඩ්‍රෝන යානාවක් හෝ කුරුළු රෑනක් විය හැකි බවය.

මේ වනවිට ධවල මන්ධිරය විවෘතකර තිබෙන අතර විමර්ශන කටයුතු තවදුරටත් සිදුවේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්