මාධ්‍යවේදීන් බියවැද්දීම දැන්මම අරඹයි

මාධ්‍යවේදීන් බියවැද්දීම දැන්මම අරඹයි

නව ආණ්ඩුව විසින් තම ප්‍රතිවාදීන්ට සහාය දැක්වූ මාධ්‍ය ආයතන ඉලක්ක කරගනිමින් මර්ධනයක් ක්‍රියාත්මක වෙමින් තිබනෙ බව හෙළි වෙමින් තිබේ. ඒ අනුව Leader TV අන්තර්ජාල පුවත් සේවයට සම්බන්ධව කටයුතු කළ මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ම විවිධ කරුණු පදනම් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සිදුවෙමින් පවතී.

පසුගිය 26 වැනිදා එම පුවත් සේවයට සම්බන්ධව කටයුතු කළ පුවත් නිවේදකයෙක් වන ධනුෂ්ක සංජයගෙන් පැය 08ක පමණ කාලයක් ප්‍රශ්න කර තිබුණි.  ඊයේ දින voicetube.lk වෙත සම්බන්ධව ක්‍රියාකරණ මාධ්‍යවේදිනියක් වන තුෂාරා විතාරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

ආණ්ඩුවේ ඇමති මණ්ඩලය පත් කර අවසන් කරන්නටත් පෙර මෙවන් සිදුවීම් වාර්තා වීම ඉතා භයානක බව මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කියා සිටිති.

-lankafirstnews-

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්