එළියට බහින 61 ගෙදර එන්නේ නැතිලු

උදේට ගෙදරින් එළියට බහින 61 දෙනකු ආපසු ගෙදර එන්නේ නැතැයි රථ වාහන පොලිස් මූලස්ථානයෙහි උ.පො.ප. සේනක ගමගේ මහතා පැවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ පාසල් දරුවන් හා මවුපියන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමිනි.

එහිදී ඔහු දැක්වූ අදහස් තවදුරටත් පහත පළ වේ.

ලංකාවේ එක් දිනකදී රිය අනතුරු 113ක් වෙනවා. “ඒ සිදුවන අනතුරුවලින් 6 දෙනකු පමණ මියයනවා. 55 දෙනකු තුවාල ලබනවා. උදේට ගෙදරින් එළියට බහින 61 දෙනකු ආපසු ගෙදර එන්නේ නෑ. මේ තත්ත්වය රටට ලොකු බරක්. වයඹ පළාතේ දුම්මලසූරිය පොලිස් වසමේ 2013 මුල් කාර්තුවේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 69 දෙනකු මියගොස් තිබෙනවා.

මේ ප්‍රදේශයේ බොහෝ දෙනකු ත්‍රිරෝද රථ හා යතුරුපැදි භාවිත කරනවා. අපි මාර්ගයේ ගමන් කරන විට ගොඩක් සැලකිලිමත්ව මාර්ගය භාවිත කළ යුතුයි. රියැදුරු මහත්වරු බොහෝ විට ඉතාම කලබලෙන් මාර්ගයේ ගමන් කරන්නේ උදේ ගෙදරින් යන අයෙක් ආයේ ගෙදරට එනකන් ජීවිතේ ගැන අවිනිශ්චිත තත්ත්වයක් අද උදාවෙලා තියෙන්නේ. ඒ තරමටම අද මාර්ග අනතුරු සිදුවෙනවා.”

Facebook
Twitter
LinkedIn