උතුර මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් මස 9 සහ 10 යන දෙදින තුළ සිදු කිරීමට මැතිවරණ කොමසාරිස්‌වරයා තීරණය කර ඇත.
තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම පසුගිය 02වැනිදා අවසන් වූ අතර මේ වනවිට එම අයදුම්පත් සලකා බැලීම අදාළ දිස්‌ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී සිදු කෙරේ.
මේ අනුව ලබන 15 වැනිදා තැපැල් ඡන්ද ලේඛන සහතික කිරීමටත් 22 වැනිදා එම පත්‍රිකා රක්‍ෂිත තැපෑලට භාරදීමටත් මැතිවරණ කාර්යාලය සැලසුම් කර ඇත.
වැඩිම තැපල් ඡන්ද ඉල්ලුම්පත් ප්‍රමාණය කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් ලැබී ඇතැයි වාර්තා වෙයි.
Views: 0









