එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව කටයුතු කරන ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රීක්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රී පී. රාජදුරෙයි මහතා තම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පවසයි.
තම ඉල්ලා අස්වීමේ ලිපිය අද (09) දින පක්ෂ මහ ලේකම්වරයාට භාරදීමට කටයුතු කරන බව මන්ත්‍රීවරයා මාධ්‍යවෙත පවසා තිබේ.
ඉදිරියේදී තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළම ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන්නේද නොමැතිනම් විපක්ෂය සමග එක්වන්නේද එසේ එක්වන්නේනම් කුමන දේශපාලන පක්ෂයක් සමග එක්වන්නේද යන් පිළිබඳවත් ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳවත් එළඹෙන සති දෙකක කාලය තුළ මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශයට පත්කිරීමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් මාධ්‍යවෙත පවසා ඇත.
Views: 0









