පළාත්සභා මැතිවරණය සම්බන්ධයෙන් ඒ ඒ පක්ෂවල අදහස් විමසීමේ අරමුණෙන් පැවති දෙරණ රුපවාහිනී නාලිකාවේ වාදපිටිය වැඩසටහනේදී දිගින් දිගටම මතුවූයේ ඒ වනවිට රටේ උනුසුම්ම හා ආසන්නතම සිදුවීමක්වූ රතුපස්වල ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙනි.
එහිදී එක්සත් ජනතා නිදහස සන්ධානය වෙනුවෙන් සහභාගී වූ රත්නපුර දිස්ත්රික්කයේ පාර්ලිමේන්තු මන්ත්රී වරයෙකු වූ ටී. රන්ජිත් ද සොයිසා මහතා ඉදිරිපත් කල ලේඛනයක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා සමග විවාදාත්මක කතිකාවතක් ඇතිවිය.
මෙහිදී රන්ජිත් ද සොයිසා මන්ත්රීවරයා කියා සිටියේ රතුපස්වල ගැටුම ඇතිවීමට බොහෝ කලකට පෙර රජය විසින් මෙයට විසඳුම් ලබා දෙමින් වාර්තාවක් නිකුත් කර තිබු බවත් එසේ තිබියදී නිරපරාදේ මෙවන් ගැටුමක් ඇතිකළ ගත බවත්ය.
නමුත් ජවිපෙ මන්ත්රී විජිත හේරත් සමහතා පසුව එම වාර්තාව පරික්ශා කිරීමේදී පෙනී ගියේ එම වාර්තාව සකස්කොට තිබුනේ අගෝස්තු 01 බවය.
එම දෙබස සහිත වීඩියෝව පහතින් වේ.









