මුදල් රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

මුදල් රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

මුදල් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ඒ.කේ.ආර්. ධර්මපාල මහතා ඊයේ(30) දින වැඩ භාරගෙන තිබේ.

මෙම ධුරයට පත්වන විට ඒ මහතා වසර 34ක රාජ්‍ය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අත්දැකීම් බහුල නිළධාරියෙකු විය.

මීට ඉහත සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු ලෙස ද අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුවේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයකු ලෙස ද සේවය කර ඇත.

එසේම ඒ මහතා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකි.

ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයෙකු ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ඉඩම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස ද ඒ මහතා සේවය කර තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් සහ ශ්‍රාස්ත්‍රපති උපාධියක් ද ඒ මහතා හිමිකරගෙන ඇත.

Facebook
Twitter
LinkedIn