සති තුනක් ඇතුළත සයිටම් වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කරන්නැයි නියෝග

සති තුනක් ඇතුළත සයිටම් වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කරන්නැයි නියෝග

සයිටම් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනයෙන් උපාධිය සම්පූර්ණ කළ පිරිස සති තුනක් ඇතුළත මෙරට වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තමන් හිතා මතාම ලියාපදිංචි නොකර සිටින බවට සයිටම් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර ඇති පිරිසක් විසින් ගොනුකර ඇති පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර තිබේ.

සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ පිරිසකට මෙරට වෛද්‍ය වෘත්තිකයන් ලෙස ලියාපදිංචිය ලබාදෙන ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය ලබාදී ඇති තීන්දු ක්‍රියාත්මක කර නොතිබීම තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනතට අනුව ඔවුන්ට එසේ ක්‍රියාකළ නොහැකි බවත් සති තුනක් ඇතුළත අදාල උපාධිධාරීන්ට ලියාපදිංචිය ලබාදෙන ලෙසත් නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 2 බැගින් ඔවුන්ට ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කර ඇත.

බුවනෙක අලුවිහාරේ, ප්‍රීති පද්මන් සූරසේන සහ එල්.ටී. බී.දෙහිදෙණිය යන ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ මෙම පෙත්සම කැඳවා තිබිණි.

Facebook
Twitter
LinkedIn