තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන්කර ඇතැයි චෝදනා එල්ලවූ හිටපු නියෝජ්‍ය පොලිස්පතිගේ ඇප ලිහිල් කරයි

තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන්කර ඇතැයි චෝදනා එල්ලවූ හිටපු නියෝජ්‍ය පොලිස්පතිගේ ඇප ලිහිල් කරයි

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාල සාක්ෂි වසන් කළ බවට චෝදනා එල්ලවී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සෙනානායක මහතාට එරෙහි නඩුව ඔක්තෝබර් මස 23 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ.

සිද්ධියට අදාල නඩුව අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවා තිබිණි.

විත්තිකාර අනුර සේනානායක මහතා මෙතෙක් අධිකරණය විසින් පනවා තිබූ ඇප කොන්දේසි කිසිවක් කඩකර නොමැති බවත් එබැවින් දැනට පනවා ඇති ඇප කොන්දේසි ලිහිල් කරන ලෙසත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

එම ඇප ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ සතියේ සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කළයුතු බවට ලබාදී තිබූ ඇප කොන්දේසිය සෑම මසකම අවසන් ඉරිදා පමණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ලිහිල් කරන බවය.

එසේම සිද්ධියට අදාල නඩුව ලබන ඔක්තෝබර් මස 23 වැනිදා යලි කැඳවන බව ද ප්‍රකාශ කළේය.

Facebook
Twitter
LinkedIn