සංක්‍රමණික යාත්‍රා අනතුරකින් 150කට අධික පිරිසක් මරුට

සංක්‍රමණික යාත්‍රා අනතුරකින් 150කට අධික පිරිසක් මරුට

යුරෝපය වෙත සංක්‍රමණය වෙමින් සිටි අප්‍රිකානු සංක්‍රමණික යාත්‍රාවක් පෙරලී පුද්ගලයන් 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලිබියාවට ඔබ්බෙන් මධ්‍යධරණී මුහුදේ දී ඊයේ(26) දින මෙම සංක්‍රමණික යාත්‍රාව පෙරලී ඇති අතර එය මෙම වසරේ වාර්තා වූ දරුණුම සංක්‍රමණික යාත්‍රා ඛේදවාචකය ලෙස දක්වා තිබේ.

සංක්‍රමණික යාත්‍රා අනතුර වාර්තාවීමෙන් පසුව ලිබියානු වෙරළ ආරක්ෂකයන් පැමිණීමෙන් ජීවිත 150කට ආසන්න ප්‍රමාණයක් බේරා ගත්ත ද තවත් 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Facebook
Twitter
LinkedIn