ජනාධිපතිවරණයට පමණක් නොව ඕනෑ ම අභියෝගයකට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා යළි අවධාරණය කරයි.
මන්ත්‍රීවරයා මෙලෙස අවධාරණයෙන් අදහස් පළ කළේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 10ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අද (26) පෙරවරුවේ අවබෝධතා ගිවිසුමකට එළඹීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
“මම ජනාධිපතිවරණයට කොහොමත් සුදානමින් ඉන්නෙ. නමුත් මහින්ද රාජපක්ෂ සියලු සුදුසුකම් බළල, ජනතාවගේ ඉල්ලීම බළල අදට සුදුසු කෙනා නම් කරයි. අපේක්ෂකයො පස්දෙනෙක් ඉන්නව කිව්වට ඒක මම දන්නෙ නැහැ. එහෙම කිව්ව අයගෙන්ම තමයි ඒක අහන්ඩ ඕනෑ. මම දේශපාලනයට ආපු දවසෙ ඉඳල ඕනෙ දේකට සුදානම් තනතුරු බෙදාගැනීම නෙමෙයි කළ යුත්තෙ. පක්ෂය දිනවීමයි වෙන්ඩ ඕනෙ.”යනුවෙන් චමල් රාජපක්ෂ මහතා එහිදී පැවසීය.
තමන් ජනාධිපති වරණය සඳහා ඉදිරිපත්වීමට සූදානම් යැයි මීට පෙරද අවස්ථා කිහිපයකදීම චමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබිණි
රවී වික්‍රමාරච්චි – colombotrust










