රුපියල් ලක්ෂ 82ක් පමණ වටිනා මැණික් ගලක් සොරාගත් බවට සැකකෙරුණු පුද්ගලයෙකු ඊයේ(26) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පෞද්ගලික බස් රථයක ගමන් කරමින් සිටි මගියෙකුගෙන් මෙම මැණික් ගල පැහැරගෙන ඇතැයි පොලීසියට පැමිණිලි ලැබී තිබූ අතර පසුව සිදුකළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී තවත් මැණික් ගල් කිහිපයක් සහ රුපියල් එක් ලක්ෂ තිස්දහසක් වටිනා චෙක්පතක් ද සොයාගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, වත්තල්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
Views: 0









