වසර 20කට වැඩි කාලයක් ගුරු හා විදුහල්පති සේවාවන්වල පවතින බරපතල වැටුප් විශමතාවයට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු හා විදුහල්පතිවරුන් සිදුකරගෙන පැමිණි වෘත්තීය ක්රියාමාර්ගයට සමඟාමීව මැයි මස 9,10 යන දිනයන්හි පැවැත්වීමට නියමිත තිබූ වෘත්තීය ක්රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
වෘත්තීය ක්රියාමාර්ගයට සම්බන්ධවන වෘත්තීය සමිති රැසක නියෝජිතයන්ගේ අත්සනින් නිකුත් කර ඇති මාධ්ය නිවේදනයක මේ බව සඳහන් වේ.
පසුගිය පාස්කු ඉරිදා(21) දින එල්ලවූ මරාගෙන මැරෙන මිලේච්ඡ බෝම්බ ප්රහාර හේතුවෙන් රටතුළ උද්ගතව ඇති අනාරක්ෂිත සහ ව්යාකූල වාතාවරණය හේතුවෙන් මෙම වෘත්තීය ක්රියාමාර්ගය පසුවට කල් තැබූ බව වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.
එම මාධ්ය නිවේදනය පහතින් පළවේ… 
Views: 0











