සමාජජාල ඔස්සේ ජාතිවාදී ලෙස අසත්ය කරුණු ප්රචාරය කිරීම සම්බන්ධයෙන් අද (28) ජවිපෙ ක්රියාකාරිකයෙකු විසින් මුතූර් පොලිසියට පැමිනිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ ක්රියාකාරිකයෙකු වන එස්. පජීර් මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කරමින් සඳහන් කර ඇත්තේ තමන්ගේ ඡායාරූපයක් ප්රදර්ශනය කරමින් ඉස්ලාම් අන්තවාදී ත්රස්තවාදියෙකු බවට ප්රචාරයක් සිදු කිරීමින් සිටින බවයි.
තමන් ත්රීකුණාමලයේ පැවති උත්සවයකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සමග ගන්නා ලද ඡායාරූපයක් උපයෝගීකරගෙන මහින්ද රාජපක්ෂ හිතවාදී කණ්ඩායම් ජනතාව ප්රකෝපවන අන්දමට ප්රචාරයක් සිදු කරමින් සිටින බවත් ඔහු පැමිණිල්ල ගොණු කරමින් සඳහන් කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සමග එම ඡායාරූපය සිටින තරුණයා ෂැංග්රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය එල්ල කළ පුද්ගලයා බවට මහින්ද රාජපක්ෂ හිතවාදී කණ්ඩායම් විසින් සමාජාලවල අසත්ය ප්රචාරය කර තිබිණි.
පසුගිය 21වනදා එල්ල වූ මෙම ඉස්ලාම් අන්තවාදී ප්රහාර මාලාවත් සමග ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාත් ජනතා විමුක්ති පෙරමුණත් සම්බන්ධ කරමින් අවලාද රැල්ලක් දියත්වන්නට විය.
අනුර දිසානායක මහතා සමග ඡායාරූපවල පෙනී සිටි විවිධ පුද්ගලයන් හුවා දක්වමින් ඔවුන් මෙම අන්තවාදී ප්රහාරයට සම්බන්ධ වූවන් බවට සමාජජාලවල අසත්ය ප්රචාරයන් දියත්වන්නට විය.
මෙම ප්රචාරයක් බොහෝමයක් මහින්ද පිලේ මඩ ප්රචාරකයන් විසින් දියත් කර තිබෙන බවත් මේ වනවිට අනාවරණය වී තිබේ.












