අන්තවාදී මුස්ලිම් සංවිධාන රැසක් ලියාපදිංචි කර ඇත්තේ රාජපක්ෂ පාලන සමයේ

අන්තවාදී මුස්ලිම් සංවිධාන රැසක් ලියාපදිංචි කර ඇත්තේ රාජපක්ෂ පාලන සමයේ

වැඩිම අන්තවාදී මුස්ලිම් සංවිධාන ගණනක් ලියාපදිංචි කර ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලය තුළ බව වාර්තා වේ.

මෙලෙස ලියාපදිංචි කර ඇති මුස්ලිම් සංවිධානවල කටයුතු අධීක්‍ෂණය කිරීම සඳහා නිසි වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක වි නොමැති බැවින් සමාජ සේවා කටයුතු කරන මුවාවෙන් ඔවුන්ට අන්තවාදය පැතිරවීමේ කටයුතුවල නිරත වීමටද අවස්ථාව උදා වී තිබෙන බවත් මේ වනවිට අනාවරණය වී තිබේ.

මේ අතර මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු සතිඅන්ත පුවත්පතකට ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ ප‍්‍රබල දේශපාලනඥයන් කිහිපදෙනකුගේ ආධාර උපකාර මත පසුගිය වසර 10ක කාලය තුළ විවිධ නම්වලින් මුස්ලිම් සංවිධාන ගණනාවක් මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය තුළ ලියාපදිංචි කර ඇතැයි බවයි.

මෙලෙස ලියාපදිංචි කර ඇති මුස්ලිම් සංවිධාන ගණනාවක් ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් විදේශ රටවල්වලින්ද විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇතැයිද වැඩිම මුස්ලිම් සංවිධාන ගණනාවක් ලියාපදිංචි කර ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලය තුළ බවද හෙතෙම පෙන්වා දී තිබේ.

මෙලෙස ලියාපදිංචි කර ඇති මුස්ලිම් සංවිධානවල කටයුතු අධීක්‍ෂණය කිරීම සඳහා නිසි වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක නොවීම නිසා සමාජ සේවා කටයුතු කරන මුවාවෙන් ඔවුන් අන්තවාදී කටයුතුවල නිරත වීමට ද අවස්ථාව උදා වී තිබෙන බව ද ඔහු අවධාරණය කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්