ඉස්ලාම් අන්තවාදය නැවැත්වීමට කිසිඳු අන්තවාදයකට සහයවීම පිළිගන්න බැහැ

ඉස්ලාම් අන්තවාදය නැවැත්වීමට කිසිඳු අන්තවාදයකට සහයවීම පිළිගන්න බැහැ

කුමන ආකාරයක හෝ අන්තවාදයකට තමන් විරුද්ධ බවත් අන්තවාදයකට යෑමෙන් එම අන්තවාදී පාර්ශ්වයම විනාශයට පත්වන බවත් ජාතික භික්ෂු පෙරමුණ පවසයි.

ජාතික භික්ෂු පෙරමුණ මගින් අද (28) සංවිධානය කළ මාධ්‍ය හමුවකදී වකමුල්ලේ උදිත හිමියෝ මේ බව සඳහන් කළහ.

ඉස්ලාම් අන්තවාදය වෙනුවට බෞද්ධ අන්තවාදයකට යා යුතු යැයි යමෙක් යෝජනා කරන්නේ නම් එය කිසිසේත් සුදුසු යෝජනාවක් නොවන බවත් ඊට වචන මාත්‍රයකින් හෝ පක්ෂපාතීත්වයක් නොදක්වන බවත් ජාතික භික්ෂු පෙරමුණ පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ…

“අන්තවාදයකට අන්තවාදයකින් උත්තර දෙන්න බැහැ. තව්හිද් ජමාත් ඉස්ලාම් අන්තවාදී සංවිධානය මිත්‍යා මතයක්.. මිනිසුන් මැරීමෙන් දෙවියන් හා එකතු විය හැකි බව මොනම මානව ධර්මයකට අදාලව ද අපිට පිළිගන්න පුළුවන් කම තියෙන්නෙ? අද මුස්ලිම් ජනතාව මේක ප්‍රතික්ෂේප කරනව. අපි සමඟ සබඳතාවයන් තියෙන හිතවත්කම් තියෙන අපි වටා ඉන්න එකම ශ්‍රී ලාංකික පිරිසක් හැටියට ජීවත් වන ඔවුන්ගේ කිසිඳු ආකාරයක අනුබලයක් නැහැ මේ අන්තවාදී කණ්ඩායම්වලට. අද ඔවුන් වේදනාවෙන් සිටිනව මොකද ඔවුන් කවර ගනයේ අන්තවාදී හෝ ජාතිවාදී ක්‍රියාකාරකමක් නිසා එක්කො ඒ ජනවර්ගය එක්කො ඒ ජාතීන් එහෙම නැත්තන් ඒ ආගමික කණ්ඩායම් සියළු දෙනාම ඒකෙන් අපහසුතාවයකට ව්‍යසනයකට පත් වෙනවා.

අපි ආගමික නායකයන්ගෙන් සෑම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා සමාජයට කියන්න ඔබේ බයිබලයේ කුරානයේ හෝ තියෙනවද මිනිස්සු මරල විමුක්තිය හොයන දේශනාවක්. බුදු හාමුදුරුවන්ගෙහරි නබි තුමන්ගෙහරි අල්ලාහ් දෙවියන්ගෙහරි ක්‍රිස්තුස් වහන්සේගෙහරි මහා බ්‍රහ්මයගෙ හරි කාගෙහරි දේශනාවක් තියෙනව ද, කිසිම දේශනාවක් තියෙන්න විදිහක් නැහැ. එහෙම නම් ඔවුන් මනුශ්‍ය ධර්මයක් නෙවෙයි දේශනා කරල තියෙන්නෙ. ඒ නිසා මේවා අන්තවාදී.. ඒ ඒ අදාලකරන ආගම්වලට විරුද්ධ ඒවා තුළින් පැන නැගෙන අන්තවාදී කණ්ඩායම්වල මත. කෙසේ වුණත් දැන් අපේ රට යුද්ධය නිමාවීමෙන් පස්සෙ ගත වෙච්ච අවුරුදු 10 තුළ මේ රටේ ජනතාව නිදහස් මානසිකත්වයකින් සමාජය තුළ හැසිරුණා. අද ඒ නිදහස සම්පූර්ණයෙන්ම ගිණිගෙන තියෙනව. ඒක එක කණ්ඩායමක නෙවෙයි මුළු රටේම. සමස්ථ රටේ ආර්ථිකය බිඳවැටිලා. අද අපි මුහුණදීල තියෙන්නේ ආණ්ඩුවක් නැති තත්වයකට. ඒ නිසා අද රටේ ජනාධිපතිවරයා ඉතාම කණගාටුදායකයි ඉතාම සංවේගදායකයි අද ඔහු ඔහුගේ මුවින් කියනවා මේ කිසිවක් මම දන්නෙ නැහැ කියල එහෙනම් ඇයි ඔබතුමා රටේ ජනාධිපතිවෙලා ඉන්නෙ රටේ කිසිවක් දන්නෙ නැත්තන් අගමැතිතුමා කියනව කිසිවක් දන්නෙ නැහැ කියලා ඔබ ඇයි අගමැතිකම් කරන්නෙ විපක්ෂ නායකවරයා කියනවනම් මම මේ කිසිවක් දන්නෙ නැහැ කියල ඇයි විපක්ෂ නායක ධුරය දරන්නෙ පාර්ලිමේන්තුවෙ ඉන්න මේ 225 දෙනා තමයි මේ රට හසුරුවන්නෙ අද ඔවුන් අපේ ජන ජීවිතයට වග කියන්නෙ නැත්තන් ඇයි ඔවුන් ඒ තනතුරුවල ඉන්නෙ කවුද එහෙනම් වග කියන්නෙ කාගෙන්ද අපි පාලනය වෙන්නෙ ඉතාම සංවේගදායක තත්වයක් ඔවුන් ඔවුන්ගෙ කට ඇරල ලෝකය හමුවේ කියනවා ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් හැම භාෂාවෙන්ම ඔවුන් මේව කිසිවක් දන්නෙ නෑ කියල.

මේ සා විශාල වගකීම් විරහිත පාලකයක් පිරිසක් ද අපේ පාලකයො. අපි ඔවුන් පිළිගත්තෙ නැති වුණාට ඔවුන් මේ රටේ පාලකයො. ඉතාම අවාසනාවන්ත තත්වයක්.

ඔවුන්ට කිසි සේත්ම කර ඇර යන්න බැහැ අද සමහරු කියනවා මේව වර්ධනය කරන්න නීති නැහැ මේව නවත්වන්න නීති නැහැ … කාටද මේගොල්ලො කියන්නෙ ඇයි ඔවුන් ඒව අපිට කියන්නෙ ඇයි ඔවුන් ඔවුන්ගේ කාර්ය භාරය තේරුම් නොගන්නෙ. පාර්ලිමේන්තුවක් තියෙන්නෙ ඒකට රටට නීති අවශ්‍ය නම් නීති සම්පාදනය කරගන්න ඒ කාර්ය ඔවුනට තියෙන්නෙ අපිට නෙවෙයි. තේදළු කඩන මනුස්සයට හරි රබර් කිරි කපන මනුස්සයට හරි නගරසභාවෙ මනුස්සයට හරි ගාමන්ට් ෆැක්ටරියෙහරි කෙහේහරි වැඩකරන කම්කරුවට ද තියෙන්නෙ ආගමික නායකයන්ට ද තියෙන්නෙ නෑ ඔවුන්ට තියෙන්නෙ ඒ කාර්යය. නීති නැත්තන් නීති හදන්න තියෙන නීති මහජනතාව වෙනුවෙන් පාවිච්චි කරන්න. ජනතාවට සුභ සිද්ධියට හැබැයි ඔවුන් ඔවුන්ට අවශ්‍යකරන ගිවිසුම් අත්සන් කිරීමේදි සිංගප්පූරු ගිවිසුම ආදී දේවල් රටේ නීති වගන්ති ව්‍යවස්ථා වගේ දේවල් කිසිවක් සළකන්නෙ නෑ ඒ ඔවුන්ගෙ උවමනාවල් ඉෂ්ඨ කර ගන්න. හැබැයි ජන ජීවිතය බිඳවට්ටන කාරණා අන්තවාදය ඉස්මතුවීම් ඒ අනුව අපේ රටේ ජීවිත ගණනාවක් විනාශවෙලා තියෙද්දි මුළු රටම මල ගෙයක් වෙලා තියෙද්දි එතකොට ඔවුන්ට ඒවට අදාල කරන නීති නෑ කියල කියනවා. එහෙම බෑ කියනව ජාත්‍යන්තර සම්බන්ධතා ඇතිකරගෙන නෑ කියනවා. කාටද කියන්නෙ ඔවුන් ගිහින් මොනවද කරල තියෙන්නෙ.

එනිසා මේ අන්තවාදී සංවිධානත් එක්ක දේශපාලන සම්බන්ධතා හොඳින් තියෙනව ගනුදෙනු කරනවා. අද අපි දකිනවා මේ ඉස්ලාම් අන්තවාදයට එරෙහිව රටතුළ ඉතාම ලැජ්ජා සහගත සහ නිහීන ආකාරයේ තවත් බෞද්ධ අන්තවාදයක් හෝ වෙනත් කවරගනයේ හෝ අන්තවාදයක් සඳහා ආවඩන බවක් අපිට පේනවා. ඒ සඳහා ගිහි පැවිදි ආදී බේදයකින් තොරව මේ වෙලාවේ මේ වටපිටාව සම්බන්ධව කෙරෙන කතා ආමන්ත්‍රණ අතවැනීම් දිහා බැලුවහම අපිට පේනව සමහර මාධ්‍යවල, සමහර දේශපාලනඥයන් මන්ත්‍රීවරු සිදුවන සිදුවීම් ඔහු එතන ඉන්නව වගේ කියන්නෙ. අපිට ඇහුනා පෙරෙයිදා, කිසියම් ගැටීමක් කල්මුණේ ප්‍රදේශයේ ඇතිවුණා, හමුදාව 11ක් 12ක් මැරුණ කියල කියනවා කිසියම් දේශපාලනඥයෙක්. කිසිඳු හමුදා නිලධාරියෙක් මැරිල නැහැ. ඉතිං හමුදාව මැරිල කියල කියනවා. ඉතින් මේ විදිහට අසත්‍ය ප්‍රකාශයන් ඉදිරිපත් කිරීම තුලින් ඇතිවන්නෙ ජනතාවට විශාල කෝපයක් විශාල වෛරයක් ඇතිවෙනව අද ඒ වෛරය ගිණි ගන්නා ආකාරයට තමයි සමහරු හැසිරෙන්නෙ.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්