ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අදාළ පනත් කෙටුම්පත අස්ථානගත වී ඇති බවට තොරතුරු වාර්තා වන බව සමස්ථ ලංකා සුවසේවා සංගමයේ ප්‍රධාන ලේකම් ගාමිණී කුමාරසිංහ මහතා පවසයි.
මෙවැනි වාතාවරණයක් තුළ එම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම වැළැක්වීමේ ආණ්ඩුවේ සැලසුමක් ඇති බවට සාධාරණ සැකයක් හටගන්නා බව හෙතෙම සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මෙම පනත් කෙටුම් පත නීතිපති දෙපාර්තුමේන්තුවට යොමුකළ බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරිනිය අතින් වරක් එම කෙටුම්පත අස්ථානගත වූ බවත් එම නිලධාරිනිය පසුව විශ්‍රාම ගොස් සිටි අතර ඇයගේ කාර්යාලීය පරිගණකයෙන් ද පනත් කෙටුම්පත මැකී ගොස් තිබූ බවට අනාවරණය වූ බවත් සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියි.
Views: 0









