රත්නපුර ප්‍රදේශයේ නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය කැරොකේ සමාජ ශාලාවට එක් වතාවක් පැමිණි ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියෙක් එම ස්ථානයෙන් ආහාර ගෙන කැරොකේ සංදර්ශනයකටත් සහභාගි වී කිසිදු බියකින් තොරව මෙය පවත්වාගෙන යන ලෙසට එහි කළමනාකාරිත්වයට උපදෙස් ලබා දී ගොස් ඇති බවට පරීක්ෂණවල දී හෙළි වී තිබේ.
මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා මෙම ස්ථානයට කිහිප වතාවක්ම ගොස් ඇති බව මේ වන විට වාර්තා වී තිබේ.
එසේම මෙම ස්ථානයේ ඇතැම් අවසරපත්‍ර හොරට ලබාගත් ඒවා බවට සැකයක් තිබෙන බවද පරීක්ෂන කණ්ඩායම් පවසයි. ඇතැම් අවසරපත්‍ර මෙම ස්ථානයට සුදුසු නොවන ආකාරයට ලබාදී තිබීම මෙයට හේතුව බව පොලිසිය පවසයි. මෙම ස්ථානයට පැමිණෙන තරුණ තරුණියන් දිනකට රුපියල් 40,000ක පමණ මුදල් ප්‍රමාණයක් වියදම් කොට යන බවද මෙහිදී හෙළි වී තිබේ.
මෙම කැරොකේ ස්ථානය මෙතෙක් කල් පවත්වාගෙන ගොස් ඇත්තේ පොලීසියේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහ දේශපාලනඥයින්ගේ උදව් මත බව පරීක්ෂණවල දී තහවුරු වී තිබේ. කෙසේ නමුත් අදාළ ප්‍රබල දේශපාලඥයන් බේරමින් පොලිස් ලොක්කන් පමණක් බිල්ලට දීමේ සැලසුමකුත් මෙම පරීක්ෂන අභ්‍යන්තරයේ සිදුවෙමින් පවතින බව ඉතා විශ්වාසකරයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.









