රනිල් වික්‍රමසිංහ මහතාගේ අවුරුදු පණිවිඩය

නව වසරේ අපගේ පොදු අධිෂ්ඨානය සහ අපේක්ෂාව මානව හිමිකම් රජයන සමාජයක් නිර්මාණය කිරීම බව විපක්ෂ නායකරනිල් වික‍්‍රමසිංහ මහතා නිකුත් කළ නව අවුරුදු පණිවුඩයේ සදහන්වේ. උගත් පාඩම් කොමිසම මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමට කළ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට ශක්තිය යෙදවිය යුතු බව ඔහු වැඩිදුරටත්සඳහන් කරයි.

තවද, පක්ෂයේ විනය ගැන සැලකිලිමත් වෙමින් නව වසරේදී කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ, සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගාමිණීජයවික‍්‍රම පෙරේරා මහතා කියා සිටියි.
මේ අතර නව වසරට සුබ පැතුම් එක්කරන ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර ඇත්තේ,  අසාධාරණ, අයුක්ති සහගත සමාජ ක‍්‍රමය වෙනස් කරනව සමාජයක් ගොඩනැගීම සුබ නව වසරක සැබෑ උදාව බවයි.

Facebook
Twitter
LinkedIn