ජවිපෙට අලුත් නායකත්ව මණ්ඩලයක්

ජනතා විමුක්ති පෙරමුණට මධ්‍යම කාරක සභාවක් සහ ඉදිරි දේශපාලන කටයුකතු සම්බන්ධයෙන් නව යෝජනා මාලාවක් සම්මත කර ගැනීමට  බලාපොරොත්තු වන බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලි මේන්තු මන්ත්‍රී විජිත හේතරත් මහතා ලංකා ටෘත් වෙත පැවසීය.

මේ මොහොත වන විටත් විශේෂ සමුළුව සදහා සියළු කටයුතු සූදානම් කර ඇති බව වැඩිදුරටත් පැවසීය. ඒ අනුව ප.ව 1 ට පමණ සමුළුවේ වැඩ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

ලබන වසර අරගල වලින් පිරිණු වසරක් කිරීමට සදහා ජනතා විමුක්ති පෙරමුණට නායකත්වය දීමට මෙම නායකත්ව මණ්ඩලය තෝරා ගන්නා බව ඔහු වැඩිදුරටත් සදහන් කලේය. මෙම නාකත්ව මණ්ඩලය තෝරා ගැනීම සිය පක්ෂයේ සාමාජිකයින්ට ලබාදී ඇති බවත් ඔහු සදහන් කලේය. ඒ අනුව අද තිස්සමහාරාම, දෙඹරවැව මහජන ක්‍රිඩාංගනයේදි පැවැත්වෙන පක්ෂයේ මහ සමුළුවේ දි මෙම නායකත්ව වෙනස සිදු කරනු ඇත. මේ පිළිබද වැඩි විස්තර ඉදිරියෙදී ලංකා ටෘත් ඔස්සේ බලාපොරොත්තු වන්න.

Facebook
Twitter
LinkedIn