රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් 20 දෙනෙකුගේ සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් 10 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇතැයි වාර්තාවේ.රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුසිරිත් මෙණ්ඩිස් පැවසුවේ නවක වදය ලබාදීමේ සිද්ධීන් කිහිපයක් මුල්කරගනිමින් තමන් මෙම තීන්දුව ගත් බවයි. ඔහු වැඩිදුරටත් සදහන් කලේ විශ්වවිද්‍යාලයට ඇතුළු වූ නවක සිසුන්ට මෙම සිසුන් අවස්ථා ගණනාවකදීම නවක වදය ලබාදී ඇති බවයි.
මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය එන්.එල්.ඒ.කරුණාරත්න පැවසුවේ නවක සිසුන් පිරිසක් බලහත්කාරයෙන් රැගෙන ගොස් දේශන පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලයේ සිසුන් 10 දෙනෙකුගේ පන්ති තහනම් කළ බවයි.
මීට පෙර කැළණිය විශ්ව විද්‍යාලයේද සිසුන් පිරිසකගේ පන්ති තහනම් කරන ලදී.
7









