තේන් ගෙන් ඉන්දියාවට හිරිහැර

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය දෙසට පැමිණ ඇති තේන් සුළි කුනාටුව නිසා මේ වන විට ජීවිත හානි 27ක් දක්වා වැඩි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි.

එම වාර්තා වැඩිදුරටත් සදහන් කරන්නේ සුළි කුණාටුව ‍ගොඩබිමට ඇතුළුවීමත් සමඟ එය දුර්වල වෙමින් පවතින බවයි.

කුණාටුවේ බලපෑමෙන් දකුණු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලට මේ වනවිට මහවැසි ඇඳහැලෙමින් පවතින අතර ප්‍රදේශ රැසක මංමාවත් අවහිර වී මහා මාර්ග සහ දුර්මිය මාර්ග අවහිර වී ඇතැම් ගුවන් ගමන් පවා අවලංගුකර ඇත.

Facebook
Twitter
LinkedIn