මාතලෙන් හමු වූයේ 86-90 කාලයේ සිරුරු බව තහවුරුයි

 

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මාතලේ මිනී වලෙන් හමු වූයේ 1986 – 1990 කාලයේ මියගිය පුද්ගලයන්ගේ සිරුරු කොටස් බව මාතලේ අධිකරණය අද (27) තීන්දු කර තිබේ.

 

කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා ඉදිරිපත් කළ කරුණු විශ්ලේෂණය කිරීමෙන් අධිකරණය විසින් මෙම නිගමනයට එලඹී ඇත. මේ අනුව මාතලේ සමූහ රෝහල් භූමියේ ඇති මෙම ස්ථානයට යොදා ඇති පොලිස් ආරක්ෂාව ඉවත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර තිබේ.

 

Facebook
Twitter
LinkedIn