කොටස් වෙළෙඳපොළ ජාවාරම්කාරයින්ගේ සූදුපොළක් බවටපත්වී ඇති බවත් විනිමය කොමිසමේ නිලධාරීන් 6 දෙනෙකු වසර දෙකක් වැනි සුළු කාලයකදී ඉල්ලා අස්වීමෙන් එය තහවුරු වන බවත් ජවිපෙ මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.
වත්මන් ආණ්ඩුවට නීතිය, යහපාලනය අදාල නැති බවත් රටේ ආර්ථිකය මුදල් ජාවාරම්කාරයින් කුඩා පිරිසක් යටතට ගෙනවිත් තිබෙන බවත් අද (27) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේය.
ශී‍්‍ර ලංකා සුරකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා වූ හරේන්ද්‍ර දිසා බණ්ඩාර මහතා ප්‍රතිපත්තිමය කරුණක් නිසා යැයි කියමින් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ශී‍්‍ර ලංකා සුරකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ පහුගිය වසර දෙක ඇතුළත උසස් නිලධාරීන් 06 දෙනෙකු ඉල්ලා අස්වී තිබෙන අතර ඉල්ලා අස්වූ 06 වෙනි නිලධාරියා දිසා බණ්ඩාර මහතායි.
මෙම කොමිසන් සභාව 1987 අංක 36 දරණ සුරැකුම්පත් පාලන සභා පනත සහ 1991 අංක 26 දරණ සංශෝධන පනත මගින් ස්ථාපිත කරනු ලැබුවා. වර්තමානයේ එහි කාර්යභාරය වී ඇත්තේ කොටස් වෙළෙඳ පොළ විදිමත් කිරීමයි. නමුත් ආණ්ඩුව එය කරන්න නොදී කොටස් වෙළෙඳපොළ ජාවාරම්කාරයින්ගේ සූදුපොළක් බවට පත්කොට තිබෙනවා. ජාවාරම්කාරයින් කිහිපදෙනෙක්ගේ ගොදුරක් බවට පත්කොට තිබෙනවා.
මීට පෙර කොමිසන් සභාවේ සභාපතිව සිටි ඉන්ද්‍රානී සුගතදාස මහත්මිය ප්‍රතිපත්තිමය කරුණු මත යැයි කියමින් ඉල්ලා අස්වුණා. ඇයට තිබුණු ඥාති සබඳතා පිළිබඳ රටට අදහසක් තිබෙනවා. ඒත් සමග කොමිසමේ සිටි බදු පිළිබඳ විශේෂඥයෙක් වූ ගුණසිංහ මහතා ඉල්ලා අස්වෙනවා. ඉන් පසු සභාපති තනතුරට පත්කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් කරුණාරත්න මහතායි. ඔහු සෘජුවම ජනාධිපතිවරයාගේ පත්වීමක්. නමුත් ඔහුටත් දේශපාලන බලපෑම් එල්ල වුණා. ඔහු විටෙක කොප් කමිටුවේදී ප්‍රකාශ කර තිබුණා කොටස් වෙළෙඳ පොලේ සිදුවූ අයථා ගණුදෙනු 50කින් 30ක්ම සාපරාධී ගණුදෙනු වූ බව. ඉන්පසු ඔහුටත් ඉල්ලා අස්වීමට සිදුවුණා. ඉවත් වූ පසු මාධ්‍යවෙත කරුණු දක්වමින් ඔහු සඳහන් කර සිටියා මෙම ප්රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාව සම්පූර්ණයෙන් ජාවාරම්කාරයින් පිරිසක් මෙහයවපු සාකච්ඡාවක් බවට පත්වුණා කියලා. ඒ වගේම ඉහළ නිලධාරීන්ගෙන් මෙන්ම රටේ බොහොම බලගතු පුද්ගලයෙකුගෙන්ද බලපෑම් ආවා කියා ඔහු පැවසුවා. එම පුද්ගලයන් තමන්ගේ හිතවතුන් පිළිබඳව සිදුකරන පරීක්ෂණ නවතා දාන්න කියලා දුරකතන ඇමතුම්වලින් බලපෑම් කළ බව ඔහු කියා සිටියා.
රටේ ආර්ථිකයේ ප්‍රධානතම ප්රාග්ධනය මෙහෙයවන කොටස් වෙළෙඳ පොලේ සභාපතිවරයා කියනවානම් තමන්ට බලපෑම් ආවා කියලා තවත් මොකක්ද ඒ ගැන කියන්න තිබෙන්නේ. ඔහු පැහැදිලිව කියා සිටියා කෝප් කමිටුව තිබුණට වැඩක් නැහැ කියලා. බලපෑම් නිසා ඉල්ලා අස්වූ බව කියා සිටියා. අවුරුදු 2ක් ඇතුලත සභාපතිවරුන් 02ක් ප්‍රතිපත්තිමය තීරණ මත ඉල්ලා අස්වුණා. මෙවර ඉල්ලා අස්වූ හරෙන්ද්‍ර දිසා බණ්ඩාර මහතා ආචාර උපාධියත්, පශ්චාත් උපාධියත් සම්පූර්ණ කොට තිබෙන්නේ මෙම ක්ෂේත්රය සම්බන්ධයෙන්. ඔහු මෙම තනතුරට ඉතාමත් සුදුසු පුද්ගලයෙක්. නමුත් ඔහුටද ප්‍රතිපත්තිමය තීරණයක් මත කියමින් ඉල්ලා අස්වෙන්න සිදුවුණා. ඔහු පුද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වුණා කියා ඉදිරියේදී කිව්වොත් එය පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද මේ වනවිට ඔහුලවා එසේ කියවා ගන්න මෙහෙයුමක් දියත් වී තිබෙනවා.
මෙම සිදුවීම් හරහා පෙන්නුම් කරන්නේ කුමක්ද? ආර්ථික මර්මස්ථාන දේශපාලන සූදුපොළක් බවට පත්කරගෙන තිබීමයි. ජාවාරම්කාරයින් පිරිසක් අයථා උපක්‍රම මගින් විශාල ලෙස ලාභ උපයමින් සිටිනවා. පිළිගත නොහැකි ලෙස කොටස් වෙළෙඳපොළ තුළ උච්චාවචනයන් සිදුකරමින් ජාවාරම්කාරී ලෙස කොටස් වෙළෙඳපොළ මෙහෙයවනවා. මෙම ජාවාරමට ආණ්ඩුවේ ඉහළම තැන්වල අය සම්බන්ධයි. නැත්නම් කොටස් වෙළඳපොළ පිළිබඳව ජනාධිපතිවරයා සමග කරන සාකච්ඡාවලට පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් සමබන්ධ වන්නේ කොහොමද? මේ ජාවාරම හසුරුවන්නේ ඔවුන් තමයි.
පසුගියදා සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොලේ ආයෝජනය කරමින් කොටස් වෙළෙඳපොළ කෘතීමව පිම්බීමක් කළා. ඉන්පසු කොටස් වෙළෙඳපොලේ කෘතීම ලාභාංශ සීග්‍රයෙන් වැඩි වුණා. මේ පිළිබඳ අන්තර් සමාගම් සේවක සංගමය නඩු මාර්ගයටද එළඹුනා. දැන් ජාවාරම් කාරයින් අතට එකතු කර ගන්නේ සේවකයින්ගේ අර්ථසාධක මුදල් ටිකයි.
කොටස් වෙළෙඳ පොලේ සිදුවී ඇති මේ අර්බුදයේ ප්‍රතිවිපාක විඳින්න සිදුවන්නේ කාටද? නාගරික අර්ධ නාගරික කොටස් වෙළෙඳපොලේ කොටස් හිමියන්ටයි. මේ රටේ විශ්‍රාමික ජනතාව ඇතුළු යම් මුදලක් අතේ ඇති අය කොටස් වෙළෙඳපොලේ ආයෝජනය කරනවා. නමුත් එම මුදල් දැන් මෙම ජාවාරම්කාරයින් අතට පත්වෙන තත්වයක් උදා වී තිබෙනවා. ඒ වෙනුවෙන් සුරකුම්පත් හා විනිමය කොමිසන් සභාව දැන් ජාවාරම්කාරයින් අතට පත් කරගෙන තිබෙනවා. කොටස් වෙළෙඳ පොළට ගණුදෙනුකරුවන් පැමිණීම අඩුවී තිබෙනවා. කොටස් වෙළඳපොළ පිළිබඳව විශ්වාසය නැතිවී තිබෙනවා.
වත්මන් ආණ්ඩුවට නීතිය, යහපාලනය අදාල නැහැ. රටේ ආර්ථිකය මුදල් ජාවාරම්කාරයින් කුඩා පිරිසක් යටතට ගෙනවිත් තිබෙනවා. රාජපක්ෂ පාලනයේ පසුගිය වසර 08 තුළ කුඩා ව්‍යාපාරිකයින් පිරිසක් කෝටි ගණන් මුදල් සම්බාරයක් රැස්කරගෙන තිබෙනවා. යුද්ධය අවසන් වූ මොහොත් ලෝකයේ අංක එකේ කොටස් වෙළෙඳපොළ යැයි කියපු අපේ කොටස් වෙළෙඳ පොළ ටික කාලයකින් සීග්‍රයෙන් කඩා වැටෙන දෙවැනි කොටස් වෙළෙඳපොළ බවට පත්වුණේ කොහොමද?
රාජපක්ෂ පාලනයට අනුව කටයුතු නොකරන සියලූ දෙනාට තනතුරුවලින් ඉවත්වීමට සිදුව තිබෙනවා. නීතිය යනු රාජපක්ෂගේ කැමැත්ත, නියෝගය සහ දැනුම්දීම බවට පත්වෙලා. නිලධාරීන් ඉවත් වෙනවා. ඉවත් වූ නිලධාරීන්ටත් බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. ඒ නිසා මේ ජාවාරම්කාරයින් සුළු පිරිසකගෙන් රටේ මුළුමහත් ආර්ථිකයම මුදා ගැනීමේ වගකීම රටේ ජනතාවටත් මාධ්‍යවේදීන් වන ඔබටත් පැවරී තිබෙනවා.
ජ.වි.පෙ. මධ්‍යමකාරක සභික, පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා අදහස් දක්වමින්…
මහින්ද රාජපක්ෂ පාලනය පදනම් වී තිබුණේ මහින්ද චින්තනය, මතට තිත, සූදුවෙන් තොර සදාචාර සම්පන්න රටක් ආදී තේමාවන්ය. නමුත් දැන් ලෝකයේ අංක එකේ කැසිනෝ රජා කොළඹ නගරයේ ප්‍රධාන ඉඩම් තුළ කැසිනෝ මාලිගාවක් ගොඩනගන්න යනවා. මේ රටට රජවරුන්ගෙන් අඩුවක් නැහැ. දැන් කැසිනෝ රජෙකුත් ලංකාවට එනවා. ජේම්ස් පැකර් ඔස්ටේ්රලියාවේ විශාලතම කැසිනෝ ව්‍යාපාරය හිමිකරුවායි. ඒ වගේම ඔහු දැවැන්ත ජාවාරම්වලින් මුදල් උපයන පුද්ගලයෙක්. ලංකාවේ ආර්ථික සංවර්ධන උපාය මාර්ගය දැන් කැසිනෝ සූදුව බවට පත්වෙලා.
ලේක්හවුස් වටරවුම අසල රථගාල තිබෙන ස්ථානය කැසිනෝ රජා වෙනුවෙන් ලබාදෙන්න යනවා. මේ ඉඩම ආසන්නයේම සිරි සම්බුද්ධ වාහාරස්ථානයත් පිහිටලා තිබෙනවා. සුදු පනත ගේන වෙලාවේ එම පනතට අපි විරුද්ධ වුණා. එම පනත සාධාරණීකරනය කරන්න පනතේ දාලා තිබුණා ජූජනීය ස්ථාන අසල කැසිනෝ ශාලා පවත්වාගෙන යන්නේ නැහැ කියලා. ඒත් දැන් මොකද වෙලා තිබෙන්නේ. ඒ සීමා බිඳදාලා ආණ්ඩුව ජාවාරම්කාරයින්ට අවශ්‍ය පරිදි සැලසුම් හදලා දෙනවා. කොළඹ නගරය වෙනස් කරමින් යන්නේ කැසිනෝ ජාවාරම්වලට ඉඩ හදලා දෙන්නයි. හෙට අනිද්දා ‘ආයුබෝ වේවා කැසිනෝ මහ රජානෙනි’ කියලා සිංදු නිර්මාණය වෙන්නත් පුළුවන්.
එනිසා ආණ්ඩුව රටට හෙළි කළ යුතුයි මෙම කැසිනෝ ජාවාරම්කාරයින් රටට ගේන්නේ මොන පදනමකින්ද කියලා. කොළඹ නගරයේ වටිනාම බිම කොටස ලබාදෙන්නේ කුමන කොන්දේසි යටතේද කියලා. පාර්ලිමේන්තුවෙන් විමසන්නේ නැහැ. මහජන උපයෝගිතා කොමිසමෙන් අහන්නේ නැහැ. ආණ්ඩුව දේශපාලන බලය පාවිච්චි කරලා මේ දේවල් සිදුකරමින් ඉන්නවා. ආණ්ඩුව උත්සාහ දරමින් ඉන්නේ ජාත්‍යන්තර ජාවාරම් මධ්‍යස්ථානයක් බවට අපේ රට පත්කිරීමටයි.
ඒ වගේම දේශපේ‍්‍රමය ගැන, ජාතිමාමකත්වය ගැන, රටට ආදරය කරන එක ගැන කයිවාරු ගහන උදවිය මේ සම්බන්ධයෙන් මුනිවත රකින්නේ මොකඳ කියලා ගැටලූවක් තිබෙනවා. මෙය ආරම්භයක් පමණයි. ආණ්ඩුවේ සැලසුම තිබෙන්නේ ලංකාවේ සියලූම ප්‍රදේශවල කැසිනෝ මධ්‍යස්ථාන ගොඩනැගීමයි.









