අධිකාරියේ තොරතුරු හෙළිදරව් කළැයි චෝදනාව මත සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් චාමර මද්දුමකළුගේ මහතාගේ වැඩ තහනම් කොට ඇත. 1516000 ආසන්න සමෘද්ධිලාභීන් හට සහනාධාර මුදල් ලබා දීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ආණ්ඩුව විසින් මාස 05ක පමණ කාලයක සිට ලබා නොදී ඇතැයි එම සංගමය තොරතුරු හෙළිදරව් කළේය.
සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතාගේ වැඩ තහනමට ලක් කිරීම තරයේ හෙලා දකින බව එම සංගමයේ උප සභාපති කිත්සිරි ප්‍රියන්ත මහතා විසින් නිවේදනයක් මගින් පවසා සිටී. ඒ පිළිබඳව නිකුත් කරන නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්ය.
2013-03-21 දිනැති ස/අධි/2/14/ක/බ/81 යන යොමු අංකය යටතේ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ආර් පී බී තිලකසිරි මහතාගේ අත්සනින් යුතුව එවන ලද ලිපියට අනුව එසේ වැඩතහනමට ලක් කර ඇත. 2013-03-17 දින දිවයින, මව්බිම හා රාවය යන පුවත් පත් වලට ද්වේශ සහගත අපහසාත්මක හා සාවධ්‍ය තොරතුරු ඇතුලත් ප්‍රකාශයක් කර ඇති බවත් එමගින් ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ හා කීර්ති නාමයට හානි කර ඇතිබව වැඩ තහනමට ලක් කර ඇති ලිපියේ අධ්යක්ෂ ජනරාල්තුමා විසින් වැඩි දුරටත් දක්වා ඇත.
2012 නොවැම්බර් මාසයේ සිටම ඇතැම් දිස්ත්‍රික්කවල පවතින මෙම ගැටඵව නිරාකරණය කිරීමට බලධාරීන් මැදිහත් නොවු අතර සමස්ථ රටේම 2013 ජනවාරි පෙබරවාරි මාර්තු හා තව සතියකින් එළෙඔන අපේ‍්‍රල් මාසයට යන මාස 04 දිවයිනේ කිසිදු සමෘද්ධි බැංකු සංගමයකට සමෘද්ධි සහනාධාර මුදල් ගෙවීමට අදාල ප්‍රතිපාදන ලබා දීමට මෙතෙක් අපොහොසත් වී ඇති බලධාරීන් සංගමයේ ප්‍රධාන ලේකම් විසින් ඉදිරිපත් කර ඇති ගැටඵව සාවධ්‍ය වන්නේ කෙසේද යන්න අදාල බළධාරීන්ගෙන් අප ප්‍රශ්ණ කර සිටිමු. මෙම ප්‍රකාශය පල වු 2013-03-17 දින උක්ත නම සදහාන් පුවත් පතක එවැනි ගැටඵවක් පවතින බවට ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්තුමා විසින් පිළි ගෙන තිබියදී හා 2013-03-20 හෝ ඊට ආසන්න දිනයකදී සමෘද්ධිලාභීන් හට බලපා ඇති මෙම ගැටඵව සම්බන්දව පාර්ලිමේන්තුවේද සංවාධයක් මතු වු අතර මෙම ගැටඵව රටම දන්නා කරුණකි. මෙවැනි තත්වයක් තුල බලධාරීන් විසින් අත්තනෝමතික ලෙස සිදු කර ඇති මෙම වැඩ තහනම ආණ්ඩුවේ දේශපාලන පළිගැනීමක් බව මනාව පෙන්නුම් කරන අතර පසු ගිය දින සම්මත කර ගත් දිවිනැගුම පනත දෙවතාවක්ම අභියෝගයට ලක්කර ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අප සංගමය වෙනුවෙන් පෙනීසිටි ප්‍රධාන ලේකම් සහෝදරයා වීමද මෙම පළිගැනීමට එක් ප්‍රධාන කරුණක් වී ඇති බව අප වෙත හැගී යයි”මීට පෙරද 2011-03-21 දින දිවිනැගුම වැඩසටහනේ ප්රචාරක වියදම් ලෙස ඩිජිටල් බැනර් ප්‍රදර්ශණය කිරීම වෙනුවෙන් පමණක් රුපියල් 150,67,000 වියදම් කිරීම මහජන මුදල් නාස්තියක් බව මාධ්‍යට පැවසීම හේතුවෙන් මාස 08 දිගු කාලයක් අසාධාරණ ලෙස වැඩතහනම් කර අප විසින් සිදු කරන ලද බලපෑම් හේතුවෙන් දිස්ත්‍රික්කයෙන් පිට ස්ථාන මාරු සිදු කර නැවත සේවයේ පිහිටුවනු ලැබු අතර දිවිනැගුම පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගයට ලක් කිරීමෙන් අනතුරුව අප සංගමය වෙත මෙම පළිගැනීම් තවත් ත්‍රීව වු බවත් ඒ පිළිබදව අප මානව හිමිකම් කොමිෂන් සභාව වෙතද පැමිණිලිද ඉදිරිපත් කර ඇත.
සේවක අයිතීන් සුරක්ෂිත කර ගැනීමේ සටනත් අප සේවකදායකයින් වන රටේ දුගී දුප්පත් ජනතාව වන සමෘද්ධිලාභීන්ගේද අයිතීන් ආරක්ෂා කර දීමටත් කිසිදු බලපෑමකට යට කිරීමටත් අප සංගමය කිසිදා ඉඩ නොදෙන බවත් දේශපාලන පලිගැනීම් හා වෘත්තීය සමිති මර්ධනයන් වහා නැවැත්වීමට කටයුතු සිදු කළ යුතු බවත් වැඩ තහනම් කර ඇති සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුම කඵගේ සහෝදරයා නැවත සේවයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සලසා දෙන ලෙසට බලධාරීන් වෙත අප මෙයින් අවධාරණය කර සිටිමු. දේශපාලන උවමනාවන් වෙනුවෙන් සිදු කර ඇති මෙම වැඩතහනමට ඉවත් කර ගැනීමට අපොහොසත් වුවොත් හා ප්රජාතන්ත්රවාදී රටක නිදහසේ ස්වාධීනව වෘත්තීය සමිති කටයුතු සිදු කිරීමට බලධාරීන් විසින් ඉඩනොදීමට එරෙහිව ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට අප සංගමයට සිදු වන බව වැඩිදුරටත් අප මෙයින් අවධාරණය කර සිටිමු.









