ශ්‍රී ලංකාව මිත්‍ර රටක් ලෙස සැලකීම නතර කළ යුතු බවට වූ යෝජනාවක් ඉංදියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් අද (27) සම්මත කරගෙන තිබේ. එම යෝජනාව මහ ඇමතිනී ජයලලිතා ජයරාම් විසින් ඉදිරිපත් කර තිබේ.
ධීවර දේශසීමා පිළිබඳව ඇති අර්බුදයට විරෝධය පළකිරීමක් ලෙස ශ්‍රී ලංකාව සමග ඇති රාජතාන්ත්‍රික ගණුදෙනුද නැවතිය යුතු බවද ඇය ඉන්දීය මධ්‍යම රජයට දැනුම් දී ඇත. මේ අතර ඉන්දියාව කච්චතිව් දූපත 1974දී ලංකාවට පවරා දුන් ගිවිසුම අහෝසි කරන ලෙසද ඉල්ලීමක් කර තිබේ. ලංකාවට ආර්ථික සම්බාද පැනවිය යුතු බවටද යෝජනාවක් තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් සම්මත කරගත් බව වාර්තා වේ.
මේ අතර මහ ඇමතිනිය විසින් ද්‍රාවිඩ මුන්නේත්රම් කලහම් පක්ෂය ශ්‍රී ලංකා සමග ඇති සබඳතා විවේචනය කිරීම හේතුවෙන් එම පක්ෂයේ සාමාජිකයින් සභාවෙන් පිටව ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
Views: 0









