කැමැති අය IPL යන්න – ක්‍රීඩා අමාත්‍යංශය

 

ඉන්දියානු ප්‍රිමියර් ලීග් පන්දුවාර 20-20 ක්‍රිකට්‌ තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිය අභිමතය පරිදි තමිල්නාඩුවේ පැවැත්වෙන තරග හැර සෙසු තරගවලට සහභාගි විය හැකි බව ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සහ විදේශ කටයුතු අමාත්‍යංශය ඒකමතිකව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් ක්‍රීඩා අමාත්‍යංශය මාර්ගයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය වෙත යවන ලද ලිපියට පිළිතුරු සැපයූ විදේශ කටයුතු අමාත්‍යංශය අදාළ පිළිතුරු ලිපිය ඊයේ (27 දා) ක්‍රීඩා අමාත්‍යංශයට භාර දෙන ලදී. එහිදී අයි.පී.එල්. නියෝජනය කරන ක්‍රීඩකයන්ට සිය අභිමතය පරිදි තරගාවලියට සහභාගි වීමට අවස්‌ථාව ලබා දිය යුතු බවට මෙම පාර්ශ්ව තීරණය කර ඇත.

එහෙත් ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී ජවිපෙ මන්ත්‍රී අනුර දිසානායක කියා සිටියේ මෙය ක්‍රිකට්වල ප්‍රශ්නයක් නොවන බවත් තීරණ ගත යුතුව ඇත්තේ ක්‍රීඩා අමාත්‍යංශය හෝ ක්‍රිකට් බෝර්ඩ් එක නොව ශ්‍රී ලංකා රජය බවත්ය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙය දෙරට අතර රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් බවත්ය.

 

Facebook
Twitter
LinkedIn