මාස දෙකහමාරට අලි දහයක් බිලි

සේරුනුවර මාවිල්ආරුවේදී සොයා ගන්නා ලද මියගොස් සිට හමු වූ ඇතින්නියත් සමඟ ඉතිහාසයේ කිසිදිනෙක සිදු නොවූ අයුරින් පසුගිය මාස 2යි දවස් 21ක් තුළ කන්තලේ අලි පාලන ඒකකය තුළ පමණක් වන අලින් 10 දෙනකු මියගොස් ඇති බව කන්තලේ වනජීවී අලි පාලන ඒකකයේ අඩවි සහකාර ජේ. ඒ. පී. විජය කුමාර මහතා පවසයි.

මෙයින් ස්වාභාවික ලෙස ලෙඩ රෝග වැලඳීමෙන් මියගොස් ඇත්තේ වන අලින් තිදෙනකු වන අතර හක්ක පටස්වලට ගොදුරුවීමෙන් වන අලි තුන්දෙනෙක්, වෙඩි වැදීමෙන් එක් වන අලියකු, විදුලි සර වැදීමෙන් දෙදෙනකු හා දියේ ගිලීමෙන් එක් වන අලියකුද අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

Facebook
Twitter
LinkedIn