විරෝධය හමුවේ ග්‍රීසියේ බැඳුම්කර නඩුවෙන් අගවිනිසුරු ඉවත්වෙයි

ග්‍රීසියේ බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට පාඩු සිදුකිරීම පිළිබද නඩු විභාගයට අගවිනිසුරුවරයා පෙනී සිටීම නුසුදුසු යැයි පැමිණිලි පාර්ශවයේ නීතිඥයා පෙන්වා දීම නිසා අගවිනිසුරුවරයාට එම නඩු විභාගයෙන් ඉවත්වීමට සිදුවිය. මොහාන් පීරිස් මහතා කලක් මහ බැංකුවේ නීති උපදේශකවරයෙකු වශයෙන් සේවය කළ නිසා මෙම නඩුව විභාගයට නුසුදුසු බවට විරෝධතා මතුවිය. මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩු කබ්රාල් මහතා ඇතුළු පිරිසක් නම් කොට ඇත.

මොහාන් පීරිස්, සත්‍යා හෙට්ටිගේ, නිමල් ගාමිණී අමරතුංග යන විනිසුරුවරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (25) පැවැති මෙම නඩුවිභාගයේදී මෙලෙස විරෝධය මතුවිය.

පා.ම. සුජීව සේරසිංහ මහතා විසින් ගොණුකරනු ලැබූ එම පෙත්සම මැයි 25 වෙනිදාට කල් තැබීය. තැරැව්කරුවන් හරහා සිදුකළ මෙම ගණුදෙනුව නිසා රජයට රැපියල් බිලියන 3 ½ක පමණ පාඩුවක් සිදුවී ඇති බව වාර්තා වේ.

 

Facebook
Twitter
LinkedIn