වැඩ කරන ජනතා බලයක් ගොඩනඟාගෙන අයිතීන් දිනා ගැනීමට එක්ව සටන් වැදීම සඳහා ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ සිටින වෘත්තීය සමිති ව්‍යාපාර, ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළක් දැන් අරඹා ඇතැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත මහතා ඊයේ (24) පැවැසීය.
පසුගිය කාලය තුළ වෙන වෙනම සිදුකළ වෘත්තීය සමිතිවලින් අපේක්ෂිත ජයග්‍රහණ ලබා ගැනීමට අසමත් වූ බැවින් පුළුල් ඒකාබද්ධ වෘත්තීය සමිති ව්‍යාපාරයකට යොමුවීමේ අරමුණින් මේ වැඩපිළිවෙළ අරඹා ඇතැයිද ලාල්කාන්ත මහතා කීවේය.
කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඊයේ උදේ පැවැති සමස්ත ලංකා බැංකු සේවක සංගමයේ 08 වන වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිත දෙසුම පවත්වමින් ලාල් කාන්ත මහතා මේ බව කීවේය.
“මෙතෙක් එකතු කර ගැනීමට අපහසු වෘත්තීය සමිති පවා නිශ්චිත පොදු අරමුණු ගණනාවක් වෙනුවෙන් එකතුකර ගැනීමට මේ වනවිටත් හැකිවී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය, පෞද්ගලික සහ වතු වෘත්තීය සමිති, නිදහස් වෙළෙඳ කලාපය නියෝජනය කරන වෘත්තීය සමිති මෙන්ම තවත් ස්වාධීන වෘත්තීය සමිති ගණනාවක් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිතියද මේ සඳහා දැන් යම් එකඟතාවකට එළඹ සිටිනවා” යැයි ඒ මහතා පැවසීය.
තවත් වෘත්තීය සමිති ගණනාවක් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත් කේ. ඩී. ලාල්කාන්ත මහතා තවදුරටත් පැවැසීය.









