දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ඕනෑම අවස්ථාවක සිදුවන මහජන කැලඹිලිකාරී සිද්ධි, උද්ඝෝෂණ ව්‍යාපාරවලින් මතුවන ගැටුම්කාරී තත්ත්වයන් මැඩ පැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ විශේෂයෙන් පුහුණු කරන ලද 150කින් සමන්විත කැරැලි මර්දන කණ්ඩායමක් සූදානම් කර තබා ඇත.
දිනපතා පුවත්පතකට ප්‍රකාශක් ලබාදෙමින් පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති ආර්. ඩබ්ලිව්. එම්.සී. රණවන මහතා සඳහන් කර ඇත්තේ දැනට මාස 04කට පෙර පොලිස් ස්ථානවලින් තෝරාගත් පොලිස් නිලධාරීන් කණ්ඩායමකට මේ විශේෂ පුහුණුව ලබාදී ඇති බවයි.
එම විශේෂ කැරැලි මර්දන කණ්ඩායම පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ සූදානමේ තබා ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා තිබේ. විශේෂ කැරැලි මර්දන කණ්ඩායමට කැරැලිකාරී පිරිස් මැඩලීමේදී සියලුම ක්‍රමවේද සමඟ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම දක්වාද පුහුණුවක් ලබාදී ඇත.
නොසන්සුන්කාරී අවස්ථාවක එම කැරැලි මර්දන කණ්ඩායම පිටස්තර ප්‍රදේශයකට වුව ගෙන්වාගත හැකිවන අතර එහිදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම එම ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයාට පැවැරෙනු ඇත.
බඩු මිල වැඩිවීම, විදුලි ගාස්තු ඉහළ යාම, ඉන්ධන ගාස්තු ඉහළ යාම, ප්‍රවාහන ගාස්තු ඉහළ යාම ආදී කාරණවේ සිට දිනෙන් දින ඉහළ යන ජනතා පීඩනය හමුවේ ජනතාව වීදි සටන් තොරාගනිමින් සිටී. මෙවැනි සටන් ඉදිරියේදී වර්ධනය වීමේ හැකියාවක් ඇති අතර එය මර්දනය කිරීමේ ආණ්ඩුවේ වුවමනාව අනුව මෙවැනි මර්දන ඒකක නිර්මාණය වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.









