ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ණයට ඉන්ධන සැපයීම තාවකාලිකව තහනම් කර තිබේ.
මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය තෙල් සංස්ථාවට රුපියල් කෝටි 7,400ක ණයක් ගෙවීමට තිබෙන හෙයින් තවදුරටත් ඉන්ධන ණයට ලබා නොදීමට තෙල් සංස්ථාව තීරණය කිරීම හේතුවෙන් පෙරේදා (23) සිට ඉන්ධන සැපයුම නවතා ඇත.
ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දෙනු ලැබ ඇත්තේ මුදල් ගෙවා දැවි තෙල් රැගෙන යන ලෙසය. ඒ අනුව අද (25) සිට ලංකා විදුලිබල මණ්ඩලය මුදල් ගෙවා තෙල් රැගෙන යාමට සිදුවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ සුසන්තද සිල්වා මහතා පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලය ඩීසල් බලාගාර ක්රියාත්මක කොට ඇති අතර ඒ සඳහා මසකට රුපියල් හැට කෝටියක් පමණ වැය වේ. මිලදී ගනු ලබන දැවි තෙල් සඳහා ලංවිම මිල ගෙවන්නේ නම් හෝ මුලින් ගෙවීමට දැනුම්දී ඇති රුපියල් කෝටි 2,100ක ණය ගෙවන්නේ නම් දැවි තෙල් ලබා දීමට සංස්ථාව එකඟ බව සුසන්තද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටී.









