නීතිවිරෝධී අගමැතිට, ඇමති මණ්ඩලයට එරෙහිව “ක්වෝ වොරොන්ටෝ” රීට් ආඥාවක් ඉල්ලයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවලින් දෙවතාවකදී පාරාජයට පත්ව ඇති මේ වනවිට නීති විරෝධීව අගමැති ධුරයේ රැඳී සිටින නීතිවිරෝධී අගමැතිවරයාටත් එම නීති විරෝධී කැබිනට් මණ්ඩලයටත් එරෙහිව  “ක්වෝ වොරොන්ටෝ” රීට් ආඥාවක් ඉල්ලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 122ක් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව නීතිනිරෝධීව ජනාධිපතිවරයා විසින් කුමන්ත්‍රණකාරී ලෙස පත් කර තිබූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළදී විශ්වාසභංග දෙකකින් පරාජයට පත් කරනු ලැබ තිබේ. එම පරාජයෙන් පසුවත් නව අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ නැත. විශ්වාසභංගයෙන් පරාජයට පත්වූ පසුවද නීති විරෝධී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නීතිවිරෝධී ඇමති මණ්ඩලය තව දුරටත් ආණ්ඩුව වශයෙන් කටයුතු කරමින් සිටින බැවින් එය ව්‍යවස්ථා විරෝධී සහ නීති විරෝධී වන හෙයින් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නීති විරෝධී අමාත්‍ය මණ්ඩලය මෙම නඩුවෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වන ව්‍යවස්ථාව ප්‍රකාරව  “ක්වෝ වොරොන්ටෝ” රීට් ආඥාවක් අරමුණු කරගනිමින් අභියාචනාධිකරණයෙහි මෙම නඩුව ගොනු කර ඇත. 2018 නොවැම්බර් 14වනදා නීති විරෝධී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජයට පත් කිරීම සඳහා විශ්වාසභංගයට අත්සන් තබන ලද මහජන නියෝජිතයින් 122නාම මෙහි පෙත්සම් කාර පාර්ශවය වශයෙන් අත්සන් කර ඇත.

නීති විරෝධී අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නීති විරෝධී ඇමති මණ්ඩලයේ පත්වීම අත්හිටුවන ලෙසටත්, ඔවුන් තනතුරුවල රැඳී සිටින්නේ නීති විරෝධීව බවත් ප්‍රකාශ කරන මෙන් ඉල්ලා මෙම මෙම පෙත්සම ගොනු කර ඇති අතර “ක්වෝ වොරොන්ටෝ” රීට් ආඥාවක් ඉල්ලා මෙලෙස පෙත්සමක් ගොනු වන්නේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට බවද නීතී ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn