ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ඔක්තොම්බර් 26 වනදා නීතිවිරෝධී ලෙස ආණ්ඩුවක් පිහිටුවමින් සිදු කළ කුමන්ත්‍රණයෙන් පසු මේ වනවිට රට තුළ උද්ගතව ඇති ප්‍රජාතන්ත්‍රවිරෝධී සහ අයහපත් දේශපාලන සංස්කෘතියට එරෙහිව “ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් තරුණ අපි පෙළගැසෙමු!” යනුවෙන් කතිකාවතක් හෙට (25) පෙරවරු 10.00ට මරදාන සමාජයීය හා සාමයික කේන්ද්‍රයේදී (CSR) පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන, යහපත් දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තුවන සියල්ලන්ටම ආරාධනා කරන බව සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියේය.
ශානිකා – 0777103834, නිර්මාණ – 0715555844, එරංග – 0718457920 යන දුරකථන අංක වෙත ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගත හැකි බවද එරංග ගුණසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
18











