FCID ය විසුරුවා හැරීමට රජය වහා කටයුතු කළ යුතු බවත් එය නීති විරෝධී ආයතනයක් බවත් මෙම නීතිවිරෝධී ආයතනයට එරෙහිව මේ වනවිට සුප්‍රීම් අධිකරණයට ගොස් තිබෙන බවත් හිටපු ජනපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි.
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, අග්ගමහා පණ්ඩිත අපවත් වි වදාළ අලුත්ගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව පුද කිරීමෙන් පසුව හිටපු ජනපතිවරයා පසුගිය 05වනදා මෙසේ පැවසීය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව බොරු නඩුවක් ගොනුකර තිබෙන බවත් එෆ්.සී.අයි.ඩී ආයතනය මගින් සිදු කෙරෙන්නේ දේශපාලන පළිගැනීම් බවත් එවන් දේ සිදු නොකරන ලෙස තමන් රජයට ප්‍රකාශ කරන බවද මහින්ද රාජපක්ෂ මහතා පැවැසිය.
2










