බල අරගලයක ප්‍රතිඵල පෙන්වන මාලදිවයින් මැතිවරණය අද

බල අරගලයක ප්‍රතිඵල පෙන්වන මාලදිවයින් මැතිවරණය අද

අද පැවැත්වෙන මාලදිවයින් මැතිවරණය පිළිබඳ චීනය හා ඉන්දියාව දැඩි විමසිල්ලෙන් පසුවන බව වාර්තා වේ.

මාලදිවයින් මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් ලෙස ජනාධිපති අබ්දුල්ලා යමීන් සහ ඊබ්‍රහීම් මොහොමඩ් තරඟ බිමේ සිටිති.

ජනාධිපති අබ්දුල්ලා යමීන් මේ වනවිට චීන හිතවාදියෙකු වන අතර ඔහුගේ ප්‍රතිවාදියාවන ඊබ්‍රහිම් මොහොමඩ් ඉන්දියානු හිතවාදියෙකු ලෙස සැළකේ.

වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් සිය ප්‍රධාන ප්‍රතිවාදියා වූ මොහොමඩ් නෂීඩ් කෙරෙහි අනුගමනය කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී කියාකලාපය මේ වන විට ජාත්‍යන්තරයේ අප්‍රසාදයට ලක්වී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිදහස ලැබූවද මොහොමඩ් නෂීඩ්ට යලි දේශපාලනයේ නිරතවීමට අබ්දුල්ලා යමීන් රජය ඉඩ දුන්නේ නැත.

නිෂීඩ්ට පක්ෂාතී තීන්දුවක් ලබා දුන්බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමටත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය වෙනස් කිරීමටත් යමීන් කටයුතු කළේය.

මෙම ක්‍රියාකලාපව මාලදිවයිනට එරෙහිව යුරෝපා සංගමය මගින් සහ ඇමරිකාව මගින් සම්බාධක පැනවීමට හේතු වනු ඇතැයි විචාරකයෝ පවසති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්